/ Jul 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය පිළිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අද (17) උදෑසන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා තලාහේනේ පිහිටි සිය නිවසේ දී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණු අතර
ඒ සමග පොලිස් විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මෙය සියදිවි නසා ගැනීමක් බව පෙනී යන නමුත් එය තහවුරු කර ගැනීම සඳහා අදාළ විමර්ශන සිදුකිරීමට නියමිතයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මුල්ලේරියාව මූලික රෝහල වෙත රැගෙන විත් තිබෙන අතර සිද්ධිය කිහිප දෙනෙකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන සති බව සඳහන්.

මිය යන විට 63 වන වියේ පසුවිය.

2020 නොවැම්බර් 26 වනදා සිට 2023 නොවැම්බර් 25 වනදා දක්වා ඔහු පොලිස්පති ධූරයේ කටයුතු කළ අතර වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top