ඉදිරි දශකය තුළ සෑම පුරවැසියෙකුටම ආරක්ෂිත, පිරිසිදු සහ ස්වභාවිකව තිරසර පානීය ජලය ලබාදීම උපායමාර්ගික ජාතික අරමුණක් විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) “සමස්ථානික පාදක ස්කන්ධ ආකෘතිකරණය සහ කෘත්‍රිම පුනර්ජනන ක්‍රියාමාර්යන්හි සඵලතාවය ඇස්තමේන්තු කිරීම” පිළිබඳ කලාපීය පුහුණු පාඨමාලාවේ සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හා සහයෝගීතාවයෙන් මෙය සංවිධානය කර තිබුණි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘති යටතේ මෙම වැඩමුළුව පැවැත්වෙන අතර භූගත ජලයේ රහස් අවබෝධ කර ගැනීම සඳහා ජල විද්‍යාවේ සමස්ථානික තාක්ෂණය මුළු ලෝකයේම බහුලව භාවිතා වන අතර, එය කෘත්‍රිම භූගත ජල පුනර්ජනනයේ කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීම සඳහා ඇති ඵලදායී මෙවලමක් ලෙස දැක්වෙයි.
ජල සම්පත් කළමනාකරණය තුළ සමස්ථානික තාක්ෂණය යෙදවීම සම්බන්ධයෙන් කලාපීය හැකියාවන් සංවර්ධනය කිරීම මෙම පුහුණු පාඨමාලාවේ අරමුණයි.
ආසියා-පැසිෆික් කලාපය පුරා විසිරී සිටින කීර්තිමත් විද්වතුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයන් එක් කරන වැදගත් කලාපීය වැඩසටහනක් ලෙස මෙම පුහුණු වැඩමුළුව, දැනුම හුවමාරු කර ගැනීමට, තාක්ෂණික ධාරිතාවන් ශක්තිමත් කිරීමට සහ තිරසාර භූගත ජල කළමනාකරණය සඳහා සමස්ථානික තාක්ෂණයන් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීමට සුවිශේෂී වේදිකාවක් සපයයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුෂාරා රත්නායක,අධ්‍යක්ෂ ජනරාල් රවී කළුපහනයන මහත්ම මහත්මීන් ඇරතුළු නිලධාරීන්,ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විශේෂඥ මෙලනි විටාල් මහත්මිය ඇතුළු විශේෂඥයින්,IAEA හි ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල නියෝජිතයින්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ජල සම්පත් මණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු ජාත්‍යන්තර තලයේ විශේෂඥයින් පිරිසක් සහභාගීවී සිටියහ.






