එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ රැසක් සඳහා 50%ක නව තීරුබද්දක් පැනවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එම විධායක නියොගයකට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඇමරිකානු භාණ්ඩවලට කැනඩාව විසින් “අසමාන සැලකීමක්” සිදු කරන බවට චෝදනා කරමින් එයට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇති අතර ධවල මන්දිරය නිවේදනය කළේ මෙම නව තීරුබදු දින 30කින් ක්‍රියාත්මක වන බවයි.
නව තීරුබද්දේ බලපෑමට ලක්වන භාණ්ඩ අතර මෝටර් රථ, කිරි නිෂ්පාදන, වයින් සහ අනෙකුත් මධ්‍යසාර පාන, එදිනෙදා පාරිභෝගික භාණ්ඩ මෙන්ම සිමෙන්ති ඇතුළු කාර්මික නිෂ්පාදනද අයත් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පවසන්නේ ඉදිරි සති කිහිපය තුළ ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ සාකච්ඡා තවදුරටත් තීව්ර කිරීමට කැනඩාව සූදානම් බවයි.
කැනේඩියානු ලැව්ගිනිවල දුම එක්සත් ජනපද නගර වෙත පැතිර යාම සම්බන්ධයෙන්ද මීට පෙර ජනාධිපති ට්‍රම්ප් තීරුබදු පැනවීමේ තර්ජනයක් එල්ල කර තිබූ නමුත් ඊයේ(20)දිනයේදී අත්සන් කළ විධායක නියෝගවල එම ලැව්ගිනි හෝ දුම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් ඇතුළත් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.






