ඊයේ (20) දිනය අවසන් වනවිට වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 77028ක් වාර්තා වී තිබෙන අතර ඩෙංගු මරණ 56ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
තවදුරටත් රටපුරා ඩෙංගු අධි අවදානම් කලාප 162ක් පවතින අතර වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එය 40573ක් ලෙස දැක්වෙයි.
දෙවනුව වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර 11867ක් ලෙස දැක්වෙයි.
ජූලි මාසයේ පමණක් ගෙවුණු දින 20 තුළ ඩෙංගු රෝගීන් 21650ක් වාර්තා වී ඇත. මෙය මෙතෙක් වාර්තා වූ වැඩිම රෝගීන් ගණනක් හදුනාගත් කාලය ලෙස දැක්වෙයි.
ගෙවුණු ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 21537ක් හදුනාගෙන තිබේ.






