හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක එම ගින්න හට ගෙන තිබේ.
ගින්නෙන් එම ප්රදේශයම කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර ගින්න පාලනයට ගිනි නිවීම් රථ 08ක් යොදවූ බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ, අනුව කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 04ක්, දෙහිවල නගර සභාවේ ගිනි නිවීමේ රථ 02ක් සහ කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ රථ 05 ක් ඒ සඳහා යෙදවූ බව දැක්වෙයි.






