/ Jul 22, 2026

මෑත කාලයේ වැඩිම ඩෙංගු මේ වසරේ? කීටයෝ වැඩියෙන් ඇත්තේ පාසල් පරිශ්‍රවල!

ඩෙංගු රෝගයෙන් පසුගිය 20 වැනි දා වන විට මරණ 56 ක් සිදුව ඇති අතර පසුගිය වසරවල ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම් අනුව මේ වසර මෑත වසර 5දී වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය වාර්තා කරනු ඇතැයි පෙනී යයි.

2020 වසරේ සිට 2026 වසර දක්වා කාලය සලකා බලද්දී, වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 2023 වසරේදී ය. ඒ 88300ක් ලෙසිනි. 2026 වසරේ ඊයේ වන විට 78125 ක් රෝගීන් වාර්තා වී තිබේ.

දිගින් දිගට ම සෞඛ්‍ය අංශ මේ වෙත අවධානය යොමු කළද ගත වූ මාස දෙකේ දැවැන්ත රෝගීන් ප්‍රමාණයක් වාර්තා විය. විශේෂයෙන් ජුනි මාසයට 21537 ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙද්දී, ජුලි මාසයේ 20 වන විට පමණක් 21650ක් වාර්තා වී තිබේ.

මේ අතර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ දී මදුරු කීටයන් සිටින ස්ථාන වැඩිම ප්‍රමාණයක් සොයා ගෙන ඇත්තේ පාසල් පරිශ්‍රවලින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මිය ගිය 56 දෙනාගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර කුඩා දරුවන් කිහිපදෙනෙකුද ඒ අතර වෙති.

ඒ අතර ඩෙංගු මැඩපැවැත්වීම පිණිස ජාතික ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායක් පිහිටුවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (21) රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top