ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට තීරණය කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලන තීන්දු මත ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 17කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්‍රතිශතයක් පනවා ඇති අතර ඊට ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල් අයත්වේ.
මේ අතර යුරෝපීය සංගමයෙන් හෝ තායිවානයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාද මෙම ප්‍රතිශතය නව බදු ලෙස පනවා තිබේ.
ඇල්ජීරියාව, ඇන්ගෝලාව; ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං,ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලට 12.5%ක බද්දක් පනවා ඇත.
මෙම නව බදු පැනවීමට මූලිකම හේතුව වී ඇත්තේ අදාළ රටවල් තුළ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය බව සඳහන්.
එක්සත් ජනපදයේ අධිකරණ තීන්දුවකට අනුව පසුගිය පෙබරවාරි මාසයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය අත්හිටුවන නියෝගයක් ලබාදී තිබූ අතර, ඒ හේතුවෙන් එය ක්‍රියාක්මක කිරීමට අවසර හිමිව තිබුණේ දින 150ක් දක්වා පමණි.
ඒ අනුව අදාළ කාලසීමාව අවසන්වීමට නියමිත බැවින් මෙම නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සලස්වා ඇත.






