/ Jul 25, 2026

මන්ත්‍රී අර්චුනාට වරෙන්තු!

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) වරෙන්තු නිකුත් කර තිබේ.

එලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ මන්ත්‍රීවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙනි.

නඩුව අද කැඳවා තිබුණ නමුත් මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඒ අනුව කොටුව මන්ත්‍රීවරයාට වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top