මේ දක්වා යාවත්කාලීන වූ දත්ත අනුව වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 80114ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ 59ක් දක්වා වැඩි වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ වන අතර එය 24739ක් ලෙස දැක්වෙයි. ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 21534ක් වාර්තා වී තිබේ.
මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එය 42414ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම ඩෙංගු අධි අවධානම් කලාප 175ක් ලෙස දැක්වෙයි.






