/ Sep 09, 2026

බැස්ස තෙල් මිලට වෙච්ච දේ!

ගල්ෆ් කලාපයේ උත්සන්න වෙමින් පවතින ගැටුම් හමුවේ කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාව මත බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (09) ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඉරානය විසින් ඇමරිකාවේ නාවික යාත්‍රා වලට පහර දීමට ප්‍රතිප්‍රහාර ලෙස ඇමරිකාව ඉරාන තෙල් නැව් පහකට පහර දී ගැටුම තවදුරත් තහවුරු කරන ලද පසුබිමක මෙම තෙල් මිල ඉහළ යාම සිදු විය.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.15කින් හෙවත් 2.2%කින් ඉහළ ගොස් ඩොලර් 100.07ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ජූලි 24 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස දැක්වෙයි.

ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 1.70කින් හෙවත් 1.83%කින් ඉහළ ගොස් ඩොලර් 94.73ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාසයේ මුල් භාගයේ සිට මේ දක්වා බ්‍රෙන්ට් බොරතෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් ඇති අතර මාස හයක් පුරා පවතින අමෙරිකානු-ඉරාන ගැටුමට ස්ථිර විසඳුමක් ලැබීම සම්බන්ධයෙන් පැවති අපේක්ෂා ක්‍රමයෙන් බිඳ වැටෙමින් ඇති පසුබිමක ඇමරිකානු ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉරානය තුළ සදාකාලික යුද්ධයක් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මැදිහත්වීම් කරමින් සිටින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top