දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ඊයේ (27) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර එමගින් නව සංශෝධන කිහිපයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතයි.






