විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර ඒ අනුව ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට නියමිතයි.
ඊයේ (27) පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යවන සීමාව, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජය යොජනා කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් මෙම තීරණයට ආරම්භයේ පටන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙන්ම නීති ක්ෂේත්‍රයේ පිරිස්ද විරුධත්වය ප්‍රකාශ කරන ලදී.






