පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශූරයන් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් අත්කරදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් රුමේෂ් තරංග සමත් වූ අතර එම ජයග්‍රහණය සහ මීට පෙර ලබා ඇති ජයග්‍රහණ අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ඔහුව කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.
එම අවස්ථාව අද (05) ගුවන් හමුදා මුලස්ථානයේදී සංවිධානය කර තිබුණි.
එම උසස් වීමට අමතරව රොමේෂ් තරංග ක්‍රීඩකයා වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කර තිබේ.
මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතාගේ හා භෞතික විකිත්ස කෝප්රල් වන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත ද මුදල් ත්‍යාග පිරිනැමීම සිදු විය.






