/ Aug 10, 2026

පොහොට්ටු ලේකම්ව අද පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවල!

මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබේ.

අද පෙරවරු 10.30 ට පැමිණෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.

සාගර කාරියවසම් මහතා විසින් සිදුකරන් ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබෙන අතර ඒ ආණූආ එකී විමර්ශන සිදුවන බව සඳහන්.

සාගර කාරියවසම් මහතා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව යටතේ හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු වූ බවයි.

එහිදී හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් මුහුණ දුන් සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට සේවය කිරීම නතර කර ජනතාවට සහ රජයට සේවය කරන ලෙසයි.

එමෙන්ම “මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවාට තමන් අකමැති බව” ද සාගර කාරියවසම් එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top