2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,532කදී අද (10) දින ආරම්භ විය.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 372,310ක් සහභාගී වීමට නියමිත අතර, සැප්තැම්බර් 05 දක්වා එය පැවැත්වෙයි.
සියලුම සිසුන් නියමිත වේලාවට පෙර පැමිණිය යුතු අතර විද්‍යුත් උපකරණ ශාලාව තුළට රැගෙන ඒම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
විභාග නීති රීති උල්ලංඝනය කරන්නන්ගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගන්නා අතර කිසියම් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් සිසුන්ට සහන සැලසීමට අවශ්‍ය පූර්ව කටයුතුද සැලසුම් කර ඇත.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.





