සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
අදාළ ඝාතන සිද්ධියෙන් පසු ඇය රටින් පලා ගොස් තිබුණ අතර ඇයව අත්අඩංගුවට පත්වූයේ නේපාලයේදීය.




