/ Aug 17, 2026

ඩොලර් බිලියනක මුදලක් රටින් පැන්නීමට සහය වූ බැංකු කළමණාකරුවන් 4ක් අත්අඩංගුවට!

අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සිව්දෙනාම අදාළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වන අතර මෙවැනි අත්අඩංගුවට ගැනීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය බව පොලීසිය පවසයි.

අදාළ නිලධාරීන් හතරදෙනාට මෙම ජාවාරම් සිදුකළ ප්‍රධාන පුද්ගලයා විසින් සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති අතර ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකුත් එක් අවස්ථාවක ලබාදී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top