/ Aug 17, 2026

එල් – නිනෝ ගැන කාලගුණයේ නවතම පුරෝකථනය!

ශ්‍රී ලංකාවට එල් – නිනෝ බලපෑම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම පුරෝකථනය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ වසර අගවනවිට එල් – නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල් – නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 90% දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 75ක් තුළ ඇතිවූ එල් – නිනෝ තත්ත්වයන්ට වඩා ප්‍රබල එල් – නිනෝ තත්ත්වයක් මේ වසර අවසානයේදී අපේක්ෂා කරන බවයි.

ඒ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න අදහස් දක්වා තිබේ.

“මේ එල් – නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ. මේ වසරේ ඇතිවන එල් – නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල් – නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල් – නිනෝ තත්ත්වය ඒ සියලුම එල් – නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එල්නිනෝවක්වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝකථනය වෙනවා” යනුවෙන් ඔහු පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top