22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පනත් කෙටුම්පතක ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු අතර ඉන් පසු ඒ සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට අධිකරණයට යෑමට සතියක කාලයක් හිමි වේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාග කර දින 3ත් 21ත් අතර කාලයේ දී සිය තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම්දීම සිදුකරන අතර
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යනු ඇත.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීම මඟින් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.






