/ Aug 17, 2026

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකට!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

එය හෙට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම පනත් කෙටුම්පතව්විසින් අධිකරණ සංවිධාන (සංශෝධන), 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන එක්කිරීමට නියමිතය.

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගනු ලැබූ තීරණයට අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර, එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි දින 14ක කාලසීමාවක් හිමිවන අතර එම පෙත්සම විභාග කර දින 3ත් – 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top