/ Aug 19, 2026

කෝටි 12ක අයිස් සමඟ තරුණයෙක් අත්අඩංගුවට!

බණ්ඩාරගම පොලිස් වසමේ වෙන්දේසිවත්ත, මස්විල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 ග්‍රෑම් 672ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති බව සඳහන්.

එහි වටිනාකම කෝටි දොළහක් බව දැක්වෙයි. සැකකරු අවුරුදු 22ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු පානදුර ‘කුඩු සළිඳුගේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ දැනට ඩුබායි හි සැඟව සිටින ‘ඩුබායි රවිෂ්ක’ගේ මෙරට ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top