රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස චෝදනා එල්ල වී සිටින මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර අනතුරුව සැකකරු සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.
එමෙන්ම රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුද සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඔවුන් අත්අඩංගුවට පත් වූයේ මැලේසියාවේදීය.






