/ Aug 25, 2026

දිට්වා හානි කළ පාලම් 14ක් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් චීනයෙන් මූල්‍ය ප්‍රදානයක්!

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල පිහිටි පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එම ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මාස 18ක කාලසීමාවක් තුළ පළමු අදියර යටතේ පාලම් 09ක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබෙන අතර අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් රෙන්මින්බි මිලියන 79ක ප්‍රදානයක් ලබා දීමට නියමිතයි.

ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර අත්සන් තැබීමටත්, ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ නිශ්චිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top