/ Sep 03, 2026

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වෙයි!

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (2) පස්වරුවේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණු අතර .ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top