/ Sep 02, 2026

පළතුරු වගාවටත් රක්ෂණාවරණයක්!

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පළතුරු වගාවේ යෙදෙන ගොවීන්ගේ අවධානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් සදහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසන්නේ අන්නාසි, පැපොල්, කෙසෙල් ආදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බෝග වගා මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට යටත් වන බවයි.

මූලික රක්ෂිත මුදලින් 7% මුදලක් පමණක් වාරිකයක් ලෙස ගෙවා රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැකියාව පවතින අතර ඒ මගින් ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි සහ වන අලිගෙන් සිදුවන හානි අවරණය කරනු ලැබේ.

හානි වීමක දී අක්කරයකට රු.300,000/- සිට රු.400,000/- දක්වා වන්දි මුදලක් හිමි වේ. අවධානම කළමනාකරණය කිරීම තුළින් ගොවියා වගාව කෙරෙහි රඳවා තබාගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top