ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රකාශයක් ලබා දීම සඳහා ඔහු අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්රකාශයක් ලබා දීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව එම කැඳවීම සිදුකර තිබුණි.
අත්අඩංගුවට ගත් මන්ත්රීවරයාව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි.






