/ Sep 09, 2026

මහ කන්නයේ වී වගාව සාර්ථක කරගැනීමට පූර්ව සැලසුම්!

2026/27 එළඹෙන මහ කන්නය සැලසුම් කිරීම පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය නියෝජනය කරමින් වගකිව යුතු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්වූහ.

මෙහිදී අදාළ නිර්දේශවලට අනුකූලව නියමිත කාලසීමාව තුළ වී වගාව ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නියමිත කාලයට වගා කිරීමේ ක්‍රමවේදය සහ තාක්ෂණික පැකේජය අනුගමනය කිරීමට ගොවීන් පෙළඹවීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

ඒ සඳහා සෑම ගොවියෙකුම දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top