/ Sep 09, 2026

ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි!

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ඇතුළු පිරිසක් හමුවීමට ද නියමිතයි.

පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී සමාලෝචනය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනකටද අත්සන් තබා ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර 38කට පසුවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top