/ Sep 09, 2026

දකුණු වෙරළ තීරයට කාලගුණ දත්ත එකතු කිරීමේ මධ්‍යස්ථාන 5ක්!

දකුණු වෙරළ තීරයේ වරාය ආශ්‍රිතව කාලගුණ දත්ත එකතු කිරීමේ මධ්‍යස්ථාන (meterological station) 5 ක් පිහිටුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ‘ලංකා ටයිම්ස්’ වෙත පැවැසීය.

මෙන්ඩිස් මහතා පැවසූයේ මෙම දත්ත එකතු කිරීම සඳහා දෙපාර්තමේන්තුව විශේෂඥ කණ්ඩායමක (consultant team) සහය ලබාගෙන ඇති බවයි.

මෙම කාලගුණ දත්ත එකතු කිරීමේ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සහ වරායන් ආශ්‍රිතව කිරීමට සැලසුම් කර තිබෙන බවත් ලබන වසර වෙද්දි අපිට එය සම්පූර්ණ කිරීමට ද හැකි බවය.

එසේම පවතින එල් නීනේ සහ ලා නීනා තත්වය හමුවේ රජයේ අමාත්‍යවරුන් සමඟ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාකච්ඡා කරන බව ද ඔහු කීවේය.

විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙන අනාවැකි මත පිහිටා එයට අනුව ක්‍රියාත්මක වීම (Action) වැදගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.

සචිත්‍ර පෙරේරා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top