විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අතර හමුවක් අද (09) කොළඹ දී සිදුවිය.
මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන හා බහුවිධ සබඳතාව මෙන් ම දෙරටේම අන්‍යෝන්‍ය යහපත උදෙසා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු විය.
දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික හා ජනතාව අතර පවතින සබඳතා පිළිබඳ ව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප, ධනාත්මක සහ නිරන්තර සබඳතාවක් පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙහි දී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළේය.
එමෙන්ම, ඉන්දියානු සාගර කලාපයේ පවතින සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා වන සහයෝගීතාව ඇතුළු ව, කලාපීය වර්ධනයන් සහ දෙරටට ම පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ද නායකයන් දෙපළ අතර අදහස් රැසක් හුවමාරු විය.
අන්‍යෝන්‍ය ගෞරවය, සෛරීත්වය, සමානාත්මතාව, විශ්වාසය සහ අවබෝධය මත පදනම් ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවක් පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැවත වරක් අවධාරණය කළේය. එසේ ම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සියලු මට්ටමින් අඛණ්ඩ ව සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙම හමුවේ දී නැවතත් අවධාරණය කෙරිණි.






