/ Sep 17, 2026

අදත් තැනින් තැන වැසි

අද (17) දිනට අදාළව කාලගුණ අනාවැකිය නිකුත් වී තිබේ. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි වැටෙනු ඇත. සම්පූර්ණ නිවේදනය පහතින්,

2026 සැප්තැම්බර් මස 17 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වල විටින් විට වැසි ඇති වේ. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පලාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top