/ Sep 20, 2026

නාවික හමුදා – යුද හමුදා කාන්තා බේස්බෝල් තරඟයෙන් යුද හමුදාවට ජය

දියගම ජපන් ශ්‍රිලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රිඩාංගනයේ දී පසුගිය 16 වන දින ශ්‍රිලංකා යුධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සහ ශ්‍රිලංකා නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම අතර පැවැත්වු අතර එම තරගය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.

නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම ලකුණු 01 ක්ද ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම ලකුණු 11 ලබා ගත් අතර එම ජයග්‍රහණය සමග 2026/09/27 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රිඩාංගණයේ පැවැවිමට නියමිත අවසන් මහ තරගය සදහා ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top