/ Sep 24, 2026

කඳපොල කොන්කෝඩියා වත්තේ තේ සංහාරයක් : මලයහ ජනයා මානව හිමිකම් යයි!

නුවරඑළිය කඳපොල ප්‍රදේශයේ කොන්කෝඩියා වත්තට අයත් තේ අක්කර 25ක ප්‍රමාණයක් වෙනත් වගාවන් සඳහා බදු දී ඇතැයි ද එසේ බදු ගත් පුද්ගලයා විසින් සරුසාර තේ වගාව ගලවා දමන්නට කටයුතු කරමින් සිටිතැයි ද පවසමින් කඳපොල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මලයහ ප්‍රජාවට තම වැටුප් ඉලක්ක ලබා ගැනීමට දින 22ක් තේ දලු කැඩීමට නියම කර ඇති තත්වය මත මෙලෙස තේ වගාව ගලවා දැමීම ප්‍රශ්නයක් බව ඔවුන් පෙන්වා දෙයි. එසේ ම මෙම සරුසාර තේ වගා කොටස සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් ලෙසද ප්‍රකට වූවකි.

මෙම වතු කලාපයේ පවුල් 100කට ආසන්න පිරිසක් ජීවත් වෙන බවත්, මෙලෙස අක්කර 25ක් බදු පදනමින් ලබා දුන්නද ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එවැන්නක් කිසිදා සිදු කර නැති බවත් මේ ගැන අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පද්මශ්‍රී ලංකාටයිම්ස් වෙත පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top