/ Sep 24, 2026

සජබ 22ට එරෙහි විරෝධයෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වෙයි!

“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාවෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම සම්පූර්ණයෙන්ම අවහිර විය.

අද උදෑසන සිට බත්තරමුල්ල ප්‍රදේශයට වැසි ඇදහැලෙමින් පැවතියට විරෝධතාකරුවන් විශාල පිරිසක් විරෝධයට එක්ව සිටින අයුරු දැකගත

විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ, නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පක්ෂයේ නියෝජිතයින් සහ පාක්ෂිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ල ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගැනුණි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරන්නක් බවට විරෝධතාකරුවන් චෝදනා කළ අතර එම ව්‍යවස්ථා සංශෝධනය නැවත හරවා ගන්නා ලෙස බල කෙරුණි.

විරෝධතාකරුවන් අතරට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නීතියේ ආධිපත්‍ය විනාශ කිරීමට උත්සාහ දරන වත්මන් ආණ්ඩුව ඉතා ඉක්මණින් පරාජය කරන බවත් හැකි නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top