/ Sep 26, 2026

අද සිට වැසි අඩු වේ!

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා වෙනස් වීම හේතුවෙන් දිවයිනට මේ දිනවල බලපා ඇති වැසි තත්වයේ ක්‍රමික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2026 සැප්තැම්බර් මස 25 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම අද දිනයේ සිට ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, දකුණු ,මධ්‍යම සහ වයඹ පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top