/ Sep 25, 2026

රු.කෝටි 30කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අඹු සැමි යුවලක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top