/ Jan 23, 2026

උසාවියේ වැඩ දැමූ වෙඩික්කරු අල්ලයි!

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වෑන් රථයකින් පලායමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබලෙක් බවයි සඳහන් වන්නේ.

නීතීඥයෙකු ලෙස වෙස් වලාගෙන අධිකරණ භූමිය වෙත ඇතුල් වන මෙම සැකකරුට අපරාධ නඩු විධාන සංග්‍රහයේ පොතක සඟවා අදාළ ගිනි අවිය ලබාදී ඇත්තේ කාන්තාවක් විසින් බවයි පොලීසිය අනාවරණය කරන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top