මඩකලපුව සිට කොළඹ දක්වා අද (20) ධාවනය කෙරුණු මීනගයා රාත්‍රී දුම්රියට ගල්ඔය දුම්රියපොල ආසන්නයේදී අලි 6 දෙනෙක් බිලි වී තිබේ. රංචුවක් ම දුම්රියේ ගැටී ඇති අතර ඉන් සිව් දෙනෙකු එතැනම මිය ගොස් සිටි බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
තවත් වන අලි දෙදෙනෙක් අසාධ්‍ය තත්වයේ පසුවන අතර මෙම ගැටීම නිසා දුම්රිය ද පීලි පැන ඇති බව වාර්තා වෙයි.
ගල්ඔය මඩකලපුව දුම්රිය මාර්ගය ද සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.