/ Oct 01, 2026

ඥානසාර හිමි සැඟවිලා?

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙන පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි මේ වන විට වැඩසිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි.

උස්වහන්සේ සම්බන්ධ කරගැනීමට ඇති දුරකථන අංකද ක්‍රියාවිරහිතව පවතින බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 29 වැනිදා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළේ ය.

අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙස ද නියම කළ අභියාචනාධිකරණය නියම කළේ ඔක්තෝබර් මස 1 වැනිදා විත්තිකාර ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඥානසාර හිමියන් වෙනුවෙන් ලබා දුන් ජනාධිපති පොදු සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා අදාළ ජනාධිපති පොදු සමාව බල රහිත කිරීමට තීන්දු කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top