හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයේ වාර්තාකරු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී අදාළ වාර්තාකරු විසින් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය කැමරාවෙන් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සිද්ධියෙන් පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ නිදහස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.





