2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ.
ඒ අනුව, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස නිදහස් කළ ක්‍රීඩකයින් අතරට ඇතුළත්ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දසුන් ශානක, ඒෂාන් මාලිංග සහ නුවන් තුෂාර ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් විසින් තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර තිබෙන අතර දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ද, ඒෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ද, නුවන් තුෂාර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ද රඳවාගෙන තිබේ.





