/ Oct 01, 2026

සිරස මාධ්‍යවේදියාට ඇප

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය කැමරාවෙන් පහරදුන් බවට වන චෝදනා මත අත්අඩංගුවට ගත් කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදාහැර තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් ඔහු අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙමින් සිටියදී ඔහුට ආරක්ෂාව සැපයූ නිලධාරියෙකුගේ හිසට පෞද්ගලික මාධ්‍ය ආයතනයක වාර්තාකරුවෙක් සිය කැමරාවෙන් පහරදීමක් සිදුකර තිබුණි.

අදාළ ආරක්ෂක නිලධාරියා පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේ දී අදාළ වාර්තාකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහුව පොලිස් ඇප මත මුදාහැර ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top