/ Oct 03, 2026

මාර්ගගත මූල්‍ය වංචා මැඩලීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක්!

මාර්ගගත මූල්‍ය වංචා මැඩලීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාව සහ චීනය එකඟ වී තිබේ.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) අතර සාකච්ඡාවක් පසුගියදා (01) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.

දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සහයෝගිතා වැඩසටහන් පිළිබඳව මෙම හමුවේ දී සුහද සාකච්ඡාවක නිරත වී ඇති අතර විශේෂයෙන්ම, වර්තමානයේ ප්‍රධාන අභියෝගයක් බවට පත්ව ඇති මාර්ගගත ක්‍රම ඔස්සේ සිදු වන මූල්‍ය වංචා දෙරටේ ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මැඩපැවැත්වීම සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ද සහභාගී වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top