රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේව කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සුරේෂ් සලේ මහතා පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගැනුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් භාරයේ තබගෙන විමර්ශන සිදුකරමින් පැවති අතර ඇතිවූ රෝගී තත්ත්වයන් මත ප්රතිඅක්ර මත ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව දින 100කට වැඩි කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා ලදී.
ඒ අතර ඔහු ආහාර වර්ජනය ඇතුළු කාරණා මත සමාජය තුළ සුරේෂ් සලේ සම්බන්ධයෙන් විවිධ අදහස් මතු වූ අතර අධිකාන ක්‍රියාවලිය තුළ ඔහු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සෘජුව ක්‍රියාකරන ආකාරය දක්නට ලැබුණි.
සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තා ලබා ගැනීම වෙනුවෙන් ජාතික රෝහලේ අධ්යක්ෂවරයා පවා අධිකරණයට කැඳවනු ලැබීය.





