2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධි චෝදනා භාරදී තිබේ.
මෙම නඩුවට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා අද මාතර මහාධිකරණයේදී පෙනී සිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුවට අදාළ පරීක්ෂණ සිදු කරනු ලබන අතර මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා හමුවේ මෙම නඩුව කැඳවා ඇත.
එහිදී දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත මුදාහැරීමට නියෝග කරන ලදී.
මෙම නඩුව යළිත් ලබන නොවැම්බර් 27 වන දින කැඳවීමට නියමිතයි.




