සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට, යේමනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හූති (Houthi) කැරලිකරුවන් විසින් අඛණ්ඩ දින කිහිපයක් පුරා ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් දොළොස් දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇත. යේමනයේ සිවිල් යුද්ධයේදී රජයේ හමුදාවන්ට සෞදි පාර්ශ්වයෙන් ලැබෙන සහාය හේතුවෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව හූතිවරු පවසති.
ඔක්තෝබර් 10 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, නවතම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වර්ථාඅ අනාවරණය කළේය.
රියාද් ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරවලට අමතරව, සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කිං ෆාහඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වන අතර හූති හමුදා ප්‍රකාශක යාහ්යා සරී ප්‍රකාශ කර ඇත්තේ රියාද් සහ දම්මාම් ගුවන් තොටුපළවලට අමතරව, සෞදි රාජ්‍ය තෙල් සමාගමක් වන සවුදි ඇරම්කෝහි (Saudi Aramco) ස්ථාන දෙකක් ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.
කෙසේ වෙතත්, එම තෙල් පහසුකම්වලට සිදුවූ හානි පිළිබඳ සම්පූර්ණ තොරතුරු ස්වාධීනව තහවුරු කර නොමැත.





