දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජකවරුන් බන්ධනාගරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියි.
කථානායකවරයා හරහා එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ඉල්ලීම සිදුකර තිබේ.
අදාළ නිත්‍ය නියෝගයේ සංශෝධනය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ එම නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ සියලු පාර්ශවයන් කමිටුවට කැඳවන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
ජාතික වැදගත්කමකින් යුතු මෙවන් තත්ත්වයකදී ව්‍යවස්ථාදායකයේ සක්‍රීය දායකත්වය සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධානය කර ඇත.





