/ Oct 12, 2026

ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව විභාගයට දින දෙයි!

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරුවී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාල නඩුකරය මේ මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම පැමිණිල්ල අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී සිරදඬුවම් නියම වී මේ වන විට ඇප මත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණයේ පෙනී සිටි අතර තමන්ට නියමවී ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ විය.

ඒ අනුව, එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කිරිම සඳහා අදාළ පැමිණිල්ල ලබන 26 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top