/ Oct 13, 2026

ශිරන්ති යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඇයව අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මේ වන විට ඇය හෘද රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියි.

අද දින ඇයව අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබුණද සෞඛ්‍ය තත්ත්වය මත බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

කෙසේවෙතත් සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එළඹෙන 16 වැනිදාට කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන අතර එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top