ප්රංශයේ පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධතා මාලාව මේ වන විට ඉතා උත්සන්න වී තිබෙන අතර එය ප්රචණ්ඩ ගැටුම් දක්වා වර්ධනය වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විදෙස් මාධ්ය පෙන්වා දෙන පරිදි ප්රංශ රජය විසින් “ප්රචණ්ඩත්වය උත්සන්න වීමක්” ලෙස විස්තර කරන ලද මෙම තත්ත්වය තුළ, පුද්ගලයින් 550,000ක් පමණ වීදි බැස සිටි අතර, අවම වශයෙන් 1,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පැරිස් නුවර, සවස් කාලය වන විටත් කැරලි මර්දන පොලීසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි ගැටුම් පැවති අතර පොලීසිය විසින් ජනතාව පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්රහාරක (water cannon) යොදා ගන්නා ලදී.
අගනුවර සහ වෙනත් ප්රදේශවල ගොඩනැගිලි ගිනි තබා තිබූ අතර, ලිමොජ් (Limoges) නගරයේ නගර ශාලාවේ ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් එහි වහලයෙන් කොටසක් කඩා වැටී තිබේ.
නගර කිහිපයක කොල්ලකෑම් වාර්තා වී ඇති අතර, නගර ශාලා සහ ව්යාපාරික ස්ථාන ඉලක්ක කර ගනිමින් පුළුල් ලෙස දේපළ විනාශ කිරීම් ද සිදුවිය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය තුළ පොලිස් නිලධාරීන් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව අගමැති සෙබස්තියන් ලෙකෝනු ප්රකාශ කළේය.
ප්රංශ අගනුවර, දහවල් කාලයේදී ප්රධාන විරෝධතා පාගමන බොහෝ දුරට සාමකාමීව පැවති බව පෙනෙන්නට තිබුණි. තමන් “සාමකාමී අරමුණු ඇති පිරිසක්” බවත්, “තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළද කිසිදු වෙනසක් සිදු නොවන” බවත් තරුණයින් පිරිසක් විදෙස් මාධ්ය වෙත පවසා තිබුණි.
ගිනිකොනදිග නගරයක් වන සෙන්ට්-එටියන් (Saint-Étienne) හිදී කුඩා පුපුරණ ද්රව්යයක් හේතුවෙන් තරුණයෙකුගේ අතක් බරපතල ලෙස විනාශ වී (ගැලවී) ගොස් ඇති බව එම නගරයේ නගරාධිපති රෙජිස් ජුවානිකෝ (Régis Juanico) සමාජ මාධ්ය ඔස්සේ ප්රකාශ කර තිබුණි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මෙවැනි ඛේදවාචකයක් කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබුණි” යනුවෙනි.
පසුගිය සති කිහිපය තුළ, වයස අවුරුදු 15ත් 18ත් අතර සිසුන් අධ්යාපනය ලබන ප්රංශයේ ද්විතීයික පාසල්වල පවතින කාර්ය මණ්ඩල හිඟය සහ දිරාපත් වූ පහසුකම්වලට එරෙහිව සිසුන් ලක්ෂ ගණනක් විරෝධතාවල නිරත වූහ.
මෙම විරෝධතාකරුවන් අතරට වෘත්තීය සමිති සාමාජිකයින් සහ වෙනත් විරෝධතා කණ්ඩායම් ද එක්ව සිටියහ.
මීට ඇතුළත් එක් කණ්ඩායමක් වන්නේ ‘ජිලේ ජෝන්’ හෙවත් “කහ කබා” ව්යාපාරයයි. ජීවන වියදම ඉහළ යාමට එරෙහිව 2018 වසරේ සිට වසරකට වැඩි කාලයක් පුරා විරෝධතාවල නිරත වූ මෙම කණ්ඩායම, ප්රංශ ඉතිහාසයේ දීර්ඝතම කාලයක් පැවති විරෝධ ග්රෙනොබල්, අවිග්නොන්, පෝ, මොන්ට්පෙලියර් සහ වැලෙන්ස් ඇතුළු ප්රංශය පුරා ගොඩනැගිලිවලට හානි වාර්තා විය.





